HVAC පිළිඹද ඉගෙන ගැනීමේදී දැන ගත යුතුම දෙයක් වශයෙන් Refrigeration
Cycle එක හදුන්වන්න පුළුවන්. එය HVAC පිළිඹද තිබෙන අවබෝධය වර්ධනය කිරීමට උපකාරී වනු ඇත.
ඉතින් Refrigeration Cycle එක කියන්නේ Rocket Science නම් නෙවෙයි. මේ තුළ තියෙන්නෙ සරල ඉංජිනේරු තාක්ෂණයක්.
Refrigeration Cycle එක ගැන හැදෑරිමට පෙර අත්‍යවශ්‍ය සංකල්ප කිහිපයක්
දැන ගැනීම වැදගත් වෙයි.
- පළමු සංකල්පය - Heat of Vaporization
අපි
දන්නවා කිසියම් ද්‍රවයක් වායුවක් බවට පත්වීයට කිසියම් උෂ්ණත්වයක් අවශ්‍ය කරනවා. එය
සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා ද්‍රවයක තාපාංකය (Liquid’s Boiling Point) කියලා. HVAC
යන්ත්‍රයේදී ද්‍රවයක් වායුවක් බවට පත්වීම Evaporation කියලා හදුන්වනවා. ඒ වගේම එහි විරුද්ධ ක්‍රියාව එනම් වායුවක් ද්‍රවයක් බවට
පත්වීම Condensation යනුවෙන් හදුන්වනවා.
- දෙවන සංකල්පය - Pressure Changes the Boiling Point of the Liquid
යම් ද්‍රවයකට බලපාන පීඩනය වැඩි නම් එම ද්‍රවය රත්
කිරීමට අසීරු වන අතර යම් ද්‍රවයකට බලපාන පීඩනය අඩු නම් එය ඉක්මණින් රත්
වෙයි. උදාහරණයක් වශයෙන් මුහුදු මට්ටමේදී ජලය 212˚F දී රත්වන අතර කන්දක් උඩදී එසේ නැතිනම්
මුහුදු මට්ටමට ඉහළ ස්ථානයකදී ජලය 194 ˚F දී රත් වනු ඇත.
මේ වෙනසට හේතු වුණේ පීඩනයේ ඇති වෙනසයි.
- තුන්වන සංකල්පය - Heat (Energy) is neither created or destroyed, it is merely transferred
ශක්තිය නිපදවීමට හෝ විනාශ කිරීමට නොහැක. කළ හැකි එකම
දෙය වනුයේ ශක්තියෙහි ස්වරූපය මාරු කිරීම පමණි.
- හතරවන සංකල්පය - There is no such thing as cold, only the absence of heat
සීතල කියලා දෙයක් නොමැත. ඇත්තේ උෂ්ණත්වය අඩු වීම පමණි.
HVAC යන්ත්‍රයක් මගින් අදාල ප්‍රදේශය සීතල කිරීමේදී එම
ප්‍රදේශයට සීතල වායු මුදා හරින්නේ නැත. සිදුවන්නේ අදාළ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉවත් කිරීම
පමණි. උෂ්ණත්වය අඩු වීම සීතල ලෙස අපි විසින් හදුන්වයි.
මේ ඉහළින් සදහන් කළ සංකල්ප කිහිපය ගොඩක් උපකාරීවෙයි
Refrigeration Cycle එක හැදෑරීමේ දී. ඒ වගේම සෑම HVAC යන්ත්රයකයම පාහේ තිබෙනුයේ එකම Refrigeration
Cycle එකක්. Refrigeration Cycle එක සමන්විත වෙනවා ප්‍රධාන කොටස් හතරකින්.
- Compressor
- Condenser
- Expansion Device
- Evaporator
මේ සියලුම උපාංග යෝග්‍ය නල පද්ධතියකින් සම්බන්ධ වෙනවා.
මෙම උපාංග හරහා යම් ද්‍රව්‍යයක් ගමන් කරනවා. එම ද්‍රව්‍ය Refrigerant ලෙස හදුන්වනවා. Refrigerant වර්ග නම් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට
හැකියාව තියෙනවා විවිධ වූ නම් වලින්. Refrigerant එකක තිබෙන
ප්‍රධානතම විශේෂත්වය නම් එහි තාපාංකය බොහෝම අඩුයි. Refrigerant පිළිඹද විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන්නම්. Refrigeration Cycle හි ප්‍රධාන උපාංග හතරෙහි
සම්බන්දය ඇතුළත් රූප සටහනක් පහතින් දැක් වේ.
Refrigeration Cycle දී සිදුවන කාර්යය පිළිඹද විස්තරය ඉදිරි ලිපියෙන්
කියවන්න. ඔබත් මේ Refrigeration Cycle එකට සම්බන්ද
අපි අතින් මග හැරුණු කරුනු දන්නවා නම් Comment Section එකේ
දාන්න. ඒ වගේම HVAC සම්බන්ධ සියලුම ලිපි කියවන්න.
- HVAC ලිපි සදහා
- EMS ලිපි සදහා
- අපේ F A C I L I T I E S N E T facebook page එකට Like එකකුත් දාන්න.


1 Comments
❤❤❤
ReplyDelete