Indoor Air Quality (IAQ)

පහසුකම් කළමණාකරුවෙක් විදියට ගොඩනැගිල්ලක සොයා බැලිය යුතුදෙයක් තමා ගොඩනැගිල්ලේ ඇතුලත වාතයේ ගුණාත්මක බාවය. අපි හිතුවා ඒ ගැන ළිපි පෙළක් අරගෙන එන්න.

අපි Indoor Air Quality එහෙම නැති නම් IAQ ගැන නිර්වචනයක් බැලුවොත් අන්තර්ජාලයේ ගොඩක් නිර්වචන හොයා ගන්න පුලුවන් වේවි. සරල කිව්වොත් Indoor Air Quality (IAQ) කියන්නේ මිනිසෙකුගේ සෞඛ්‍යට හා සුවපහසුවට බලපෑමක් කරන වායු දූශක සාන්ද්‍රනයන් හා උශ්ණත්වය නිවරැදි මට්ටමක පවත්වාගෙන යන එක.

Maintaining the quality of  the air inside buildings as represented by concentrations of air contaminants and thermal conditions that affect our health and comfort

මේ නිර්වචනයට අනුව Indoor Air Quality (IAQ) එක ප්‍රධාන සාදක දෙකක් මත ඇගයීමකට ලක් කෙරෙනවා. එකක් තමා ගොඩනැගිල්ල ඇතුළත සිටින පුද්ගලයාගේ සෞඛ්‍ය හා පුද්ගලයන්ගෙ සුවපහසුව.

Indoor Air Quality (IAQ) ගැන ගොඩක්ම කතා කරන Standard එකක් තමා ASHRAE කියන්නේ එහි 62.1 හි සරල තේරුමක් ගත්තොත්, ඒකේ කියන්නේ ගොඩනැගිල්ලේ ඇතුළත වාතය සෞඛ්‍යට අහිතකර දේවල් වලින් තොර බව පෙන්වාදන්න ඕනේ ඒ වගේම ගොඩනැගිල්ලේ ඇතුළත සිටින පුද්ගලයන්ගෙන් 80%ට වැඩි පිරිසක් ඒ පරිසරය තමන්ට හිත කර බව ප්‍රකාශ කරන්න ඕනේ.

අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමා ඇයි අපිට Indoor Air Quality (IAQ) මෙච්චර වැදගත් වෙන්නෙ කියන දේ.

මිනිසෙක් ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ ගොඩනැගිල්ලක් ඇතුළත. නිවස වෙන්න පුලුවන් තම රැකියාව කරන තැන වෙන්න පුලුවන් එහෙම නැති නම් ඉගෙන ගන්න තැන වෙන්න පුලුවන්. ඒ නිසා ගොඩනැගිල්ල ඇතුලත වාතයේ ගුණාත්මක බාවය ගොඩක් වැදගත් කරුණක් වෙනවා.

ගොඩක් මිනිස්සු හිතන්නේ පිටත පරිසරයට වඩා ගොඩනැගිල්ලක් ඇතුළත පරිසරය තමන්ගේ ශරීර සෞඛ්‍යට හිතකරයි කියලා. නමුත් ඒ අදහස වැරදි දෙයක්. පර්යේෂණ වලින් කියන විදියට පිටත පරිසරයට වඩ ගොඩනැගිල්ලක් ඇතුළත පරිසරය කිහිප ගුණයකින් වායු දූෂණයෙන් ඉහළයි. ඒකට හේතු පියවරෙන් පියවර මේ ලිපි මාලාවෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා.

දැනට උදාහණයක් විදියට ගොඩනැගිල්ලක් ඇතුළත වාතය අපවිත්‍ර කරන දේවල් බැලුවොත් අපිට ගන්න පුලුවන්

  • VOC
  • CO2
  • Carbon monoxide
  • Radon
  • Indoor Aerosol
  • Ozone

ඒ විතරක් නෙවෙයි IAQ වලට මේ දේවලුත් බලපානවා.

  • Temperature
  • Humidity
  • Air Movement
  • Ventilation Systems

මේ වගේ දේවල් නිසා පහසුකම් කළමණාකරුවෙක් Indoor Air Quality ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම දිගින් දිගට ගොඩනැගිල්ල බාවිතා කරන්නන් ගුණාත්වයෙන් තොර වාතයකට නිරාවරණය වුවහොත් පසු කාලීන රෝග වලට පවා ලක් වෙන්න පුලුවන්.. සරල උදාහරණක් ගත්තොත් Sick Building Symptom(SBS) සහ Building Related Illness. මේ වගේ ලෙඩ රෝග ගැනත් පසුව කතා කරමු.

ඔයත් මේ ගැන දන්න දේවල් බෙදා ගන්න අමතක කරන්න එපා..

ලිපිය ලිව්වේ : Jalitha Lankapriya

Post a Comment

0 Comments