In Sri Lanka, industrial boilers use volumes of 3Ton to 10Ton per hour to get the steam needed for production. Stainless steel, cast iron, and alloy steel are the most widely used industrial boilers.
The main function of the boiler
Heat is generated by the combustion of fuel in the boiler. Steam is generated by heating the water by the heat generated. The steam generated here can be used directly for manufacturing. The heat produced by the combustion is then released as Flu Gas.
Types of boilers
There are two main types of boiler fire tube and water tube. In the industrial sector, the most common type of fire tube boiler is used.
Heat is passed through the steel tubes of the fire tube type boilers and is filled with water around the steel tubes. When heat passes through these tubes, there is a heat exchange between the steel pipes and the water. It heats the water and produces steam, and the steam generated is collected above the water level in the cylindrical chamber.
Water passes through the steel tubes of water tube type boilers. Heat passes outside the steel pipes, where there is a heat exchange between the steel pipes and the water. The steel pipes will be heated and the water passing through it will turn into steam at the end of the pipe.
Also, the type of fuel used for the boiler can be divided into several types of boilers.
- Furnace Oil Boiler
- Diesel Boiler
- Electrical Boiler
- Biomass Boiler
- LPG Boiler
Article Written by : Kusalani Edirisinghe
බොයිලේරුව (Boiler) නැතහොත් හුමාල ජනක යන්ත්‍රය (Steam Generator) යනු ඈත අතීතයේ පටන් මිනිසාගේ විවිධ ක්‍රිකාරකම් සඳහා අවශ්‍ය වූ හුමාලය (Steam) නිපදවා ගැනීමට භාවිත කරන ලද උපකරණයකි. ජලය අමුද්‍රවයක් ලෙස සුලභව ඇති නිසාත්, හුමාලය තුල මිනිසාට අහිතකර විෂ වායු නොමැති නිසාත්, පරිසරයට නැවත මුදා හල විට ජලය ලෙස පැවතීමත් නිසා හුමාලය විවිධ නිෂ්පාදන කටයුතු සඳහා මෙන්ම ගෘහස්ථ කටයුතු සඳහාත් බහුලව යොදා ගනී.
ශ්‍රී ලංකාවේදී නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය හුමාලය ලබා ගැනීමට පැයකට ටොන් 3ත් 10ත් අතර (3T – 10T per Hour) පරිමාවන් වල කාර්මික බොයිලේරු (Industrial Boilers) භාවිත කරයි. කාර්මික බොයිලේරු නිෂ්පාදනය සඳහා මල නොබැඳෙන වානේ (Stainless Steel), වාත්තු කල යකඩ (Cast Iron), හා මිශ්‍ර වානේ (Alloy Steel) බහුලව භාවිත වේ.
බෝයිලේරුවේ ප්‍රධාන ක්‍රියාකාරිත්වය
බොයිලේරුව තුලදී ඉන්ධන දහනය කිරීම තුලින් තාපය නිපදවා ගනු ලබයි. උත්පාදනය වන තාපය මඟින් ජලය රත් කිරීමෙන් හුමාලය ජනනය කර ගනී. මෙහිදී ජනනය වන හුමාලය නිෂ්පාදන කටයුතු සඳහා සෘජුවම යොදා ගැනීමට හැක. එහෙම දහනය තුලින් නිපදවන තාපය පීටාර වායුව (Flu Gas) ලෙසින් මුදා හරී.
බොයිලේරු වර්ග
බොයිලේරු Fire tube හා Water tube යනුවෙන් ප්‍රධාන ආකාර 2කි. කාර්මික අංශය තුල වැඩි වශයෙන් භාවිතා වන්නේ Fire Tube බෝයිලේරු වර්ගයි.
Fire tube වර්ගයේ බොයිලේරු වල වානේ බට තුළින් තාපය (Heat) ගමන් කරන අතර එම වානේ බට වටා ජලය පිරී පවතී. එම බට තුළින් තාපය ගමන් කිරීමේදී වානේ බට හා ජලය අතර තාප හුවමාරුවක් සිදුවේ. එමගින් ජලය රත් වී හුමාලය නිපදවන අතර ජනනය වන හුමාලය සිලින්ඩාකාර කුටීරයේ ජල මට්ටමට ඉහලින් එකතු වේ.
Water tube වර්ගයේ බොයිලේරු වල වානේ බට තුළින් ජලය ගමන් කරයි. එම වානේ බට වලට පිටතින් තාපය ගමන් කරන අතර එහිදී ද වානේ බට හා ජලය අතර තාප හුවමාරුවක් සිදුවේ. එවිට වානේ බට රත් වී ඒ තුළින් ගමන් කරන ජලය බටය කෙළවරදී හුමාලය බවට පත් වේ.
තවද බෝයිලේරුවට යොදා ගන්නා ඉන්ධන වර්ගය අනුවද බොයිලේරු වර්ග කීපයකට බෙදා වෙන් කල හැකිය.
- දැවී තෙල් බොයිලේරු (Furnace Oil Boiler)
- ඩිසල් බොයිලේරු (Diesel Boiler)
- විදුලි බොයිලේරු (Electrical Boiler)
- LPG Boiler
- Biomass Boiler
ලිපිය ලිව්වේ : කුසලානි එදිරිසිංහ

0 Comments